Friday, May 17, 2024

General line - 0115112241

විෂ දුමක් ආග‍්‍රහණය වීමෙන් ඉදල්ගස්හින්නේ ලැඟුම්හල් හිමියෙකු මරුට




හපුතලේ ඉදල්ගස්හින්න ලැඟුම්හලක දී විෂ දුමක් ආග‍්‍රහණය වීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. ලැඟුම්හලේ නතර වී සිටි සංචාරකයින් පිරිසකට ආහාර පිළියෙල කළ උඳුනක් සිය නිඳන කාමරයේ තැබීම හේතුවෙන් අදාළ පුද්ගලයාට කිසියම් දුමක් ආග‍්‍රහණය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අසාධ්‍ය වූ තවත් දෙදෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය පිළිබඳ හපුතලේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.