Wednesday, May 15, 2024

General line - 0115112241

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දෙයි

පාලිත ආරියවංශ/හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බණ්ඩාරවෙල වටරවුම අසළදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එම නිලධාරියා පොලිසියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. 

ඔහු රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්. පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම ඊට හේතුව බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදී දෙපාර්ශ්වය අතර සිදු වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.