Wednesday, May 15, 2024

General line - 0115112241

සේනා දළඹු උවදුර මර්දනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

කමල් සුරවීර




වගාවන් රැසකට හානි කළ සේනා දළඹු උවදුර මර්දනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි යල කන්නයේ දී සුපුරුදු පරිදි බඩඉරිගු වගා කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙන්නේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කේ. බී. ගුණරත්න සඳහන් කළේ "හෙක්ටයාර් 82000ක් වගා කළ බඩඉරිඟු වගාවෙන් සේනා දළඹුවා නිසා හානි වී ඇත්තේ සියයට 05ක් වැනි ප්‍රමාණයක් පමණයි. මේ වන විට සේනා දළඹුවා ඉතා සාර්ථක ලෙස මර්ධනය කරගෙන තිබෙනවා. " යනුවෙනි. 

බඩඉරිඟු වගාව සඳහා නව ක‍්‍රමවේදයක් ද නිර්දේශ කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එහිදී "බඩඉරිඟු පේළි අතර පරතරය අඩි 04ක් තබාගත යුතුයි. පැළ අතර පරතරය සෙන්ටිමීටර් 30ත් 45ත් අතර තබාගත යුතුයි. මේ තුළින් සේනා දළඹුවාගේ හානිය ආවොත් අවම කර ගන්න පුළුවන්. " යනුවෙනි.