ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනට සහභාගී වී සිටින අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය අද (11) පැවැත්වෙනවා.
නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 37 වැන්නයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදි පැවැත්වෙන්නේ.
එම වැඩසටහන පිළිබඳ අදහස් දක්වන ලංකා බැංකුවේ සහකාර මහ කළමනාකාරිණී (අලෙවි) ප‍්‍රියන්ති විජේසේකර පෙන්වා දුන්නේ දින 04ක් පුරා පැවැති මෙම වැඩමුළුව තුළින් ලද අත්දැකීම් සහ දැනුම සිසුවියන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කරනු ඇති බවයි.
නෙත් නිවුස් යු ආර් අ ලීඩර් වැඩසටහනට සමගාමීව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ගුරුවරුන් සහ දැරියන්ගේ මව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශන පැවැත්වුණා.