Friday, May 17, 2024

General line - 0115112241

මරදානේදී අනතුරට පත් ජීප් රථයේ තිබූ තවත් පාර්සල් කිහිපයක් ත්‍රීරෝද රථයක දමාගෙන ගිහින් (UPDATE)

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමේ ගැටී අද (14) අලුයම අනතුරට ලක්වූ ජීප් රථය තුළ තිබී තවත් පාර්සල් කිහිපයක් අනතුර සිදුවීමත් සමග රථයේ සිටි පිරිස් ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් තිබෙනවා.

රථය තුළ තිබී කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 68ක් පොලිසිය සොයා ගත්තා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අනතුරට ලක්වූ ජීප් රථයේ සිටි පිරිස පලාගොස් ඇති බවයි. 
 

 

------------------------

අනතුරට පත් ජීප් රථයෙන් ගංජා කිලෝ ගණන් මතුවෙයි 

(14-02-2019 07:18)

 

 

මරදාන ගුවන් පාලම අසළදී ජීප් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

ගුවන් පාලමේ වැදී ජීප් රථය අනතුරට ලක්ව ඇති අතර ඒ අද (14) අලුයම් කාලයේදීයි.

එම අනතුරට පත් ජීප් රථය තුළ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 68ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ජීප් රථය අනතුරට ලක්වීමත් සමග එහි ගමන් ගත් පිරිස ද පළා ගොස් ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.