Monday, May 13, 2024

General line - 0115112241

තේ ගැටලුව විසඳන්න ජනපති කමිටුවක් පත් කරයි




ශ‍්‍රමික වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශි‍්‍රතව මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී එච්. එම්. පී. හිටිසේකරගේ ප‍්‍රධානත්වයෙන්.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එල්. පී. විජේවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර ඊට ඇතුළත්. 

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ ශ‍්‍රී  ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය, ශ‍්‍රි ලංකා තේ තැරැව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය යන සංවිධානවල නියෝජිතයෙකු බැගින් ද කමිටුවට ඇතුළත් වනවා. 

තේ කර්මාන්තය ආශි‍්‍රතව මතුව ඇති කෙටි කාලීන සහ දිගු කාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදු කොට නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරෙනවා. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.