Thursday, May 16, 2024

General line - 0115112241

පළාත් සභා අමාත්‍යාංශය ජනපතිට පවර ගන්නැයි යෝජනාවක්

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




පළාත් සභා අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ යෝජනා කරනවා.

මන්තී‍්‍රවරයා මෙම යෝජනාව කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (14) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

එක්සත් ජාතික පෙරමුණට අවශ්‍ය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය තව තවත් කල් දැමීමට බවද එසේ හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ජනාධිපතිවරයා එහි වගකීම භාරගත යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය සත්‍ය වශයෙන්ම කල් දමන්නේ කවුරුන් දැයි රටටම දැනගැනීමට හැකිවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
 

රටේ කිසිදු පළාතක තමන්ට බහුතර බලයක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂය තේරුම් ගෙන ඇතැයිද පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඔවුන් කටයුතු කරන්නේ ඒ නිසා බවද රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයා මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියා.