Friday, May 17, 2024

General line - 0115112241

කඩවත හෙරොයින් වැටලීමකදී ගිනි අවියක් පත්තු වෙයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




කඩවත නගර මධ්‍යයේ අද (14) පස්වරුවේ සිදු කෙරුණු හෙරොයින් වැටලීමකදී ඇති වූ පොරබැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය කි‍්‍රයාත්මක වී එම පොලිස් නිලධාරියාම තුවාල ලබා තිබෙනවා.

ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.

පොර බැදීම සිදුව ඇත්තේ වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු සහ හෙරොයින් ළග තබාගෙන සිටි බව කියන පුද්ගලයා අතරයි.

තුවාල ලැබූ නිලධාරියා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. සැකකරු හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

සැකකරු රැදි සිටි තී‍්‍රරෝද රථයක්ද එහි සිටි සැකකරුගේ මව, බිරිද සහ දරුවෙකුද පොලිස් භාරයට ගෙන තිබෙනවා.