Tuesday, May 7, 2024

General line - 0115112241

'චෝදනා අසත්‍යයි, රජය ගොවීන්ගෙන් වී මිලදි ගන්නවා' - කෘෂිකර්ම රාජ්‍ය ඇමති කියයි

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




ගොවීන්ගෙන් වී අස්වනු මිළදී ගැනීමේදී මෙවරත් රජය මැලිකමක් දක්වන බවට ඇතැම් පාර්ශව කරන චෝදනා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔහු පැවසුවේ රජය වී මිලදී ගැනීම මේ වනවිටත් සිදුකරන බවයි. කෙසේවෙතත් රජයේ සහතික මිළටත් වඩා වැඩි මිළකට පෞද්ගලික ව්‍යාපාරිකයන්ද වී මිළදී ගන්නවා විය හැකි බවද ඔහු පැවසුවා.

 

ගොවීන් ආරක්‍ෂා කිරීමට රජය සෑම විටම කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.