Monday, May 13, 2024

General line - 0115112241

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

ජූඩ් සමන්ත - හලාවත




ඊසිකෑෂ් මගින් මත්කුඩු ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ජාවාරමට යොදා ගත් බව කියන ජංගම දුරකතන දෙකක් හා තී‍්‍ර රෝද රථයක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කාන්තාව ප‍්‍රමුඛ පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ බිරිඳ බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන දුම්මලසූරිය පොලීසිය විසින් සිදු කෙරෙනවා.