Monday, May 13, 2024

General line - 0115112241

කොළඹ කුණු එපා කියා පුත්තලමේ අදත් හර්තාල්

ජූඞ් සමන්ත




කොළඹ එකතුවන කැලිකසල පුත්තලම අරුවක්කාලූ ප‍්‍රදේශයට රැගෙන ඒමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේදී අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කෙරුණා. වෙළඳසැල් ගණනාවක් වසා දමා තිබූ අතර ස්ථාන ගණනාවක කලූ කොඩි ද ඔසවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කෙසේවෙතත් කසල කළමනාකරණය යනු තවදුරටත් කිසියම් ප‍්‍රදේශයකට හානි දායක ව්‍යාපෘතියක් නොවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (14) පැවැති සමළුවක් අමතමින් කියා සිටියා. කසල කළමනාකරණ ව්‍යාපෘති නිසා අදාළ ප‍්‍රදේශවලට අතිරේක වාසි ද සැලසෙන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.