Friday, May 17, 2024

General line - 0115112241

කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිිටින මැති ඇමතිවරුන් පිළිබද තමන් දන්නා තොරතුරු වගකිවයුතු පාර්ශවවලට දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. 

කොකේන් භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ වැඩිදුර කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ ඇතැම් නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියද ඔවුන්ට එම තොරතුරු හෙළි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

 

ඇතැම් දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සලසන පුද්ගලයින් බවට පත්ව ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.