Wednesday, May 15, 2024

General line - 0115112241

"ඇමති ධූර වැඩිකර ගැනීමේ උපායක් ලෙස ජාතික ආණ්ඩුවක් හදන්න එපා"

රංජිත් රාජපක්ෂ




ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍යධුර වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය ඊට සහයෝගය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බී. වේලූකුමාර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නාවලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී "දැනට තියෙන ඇමතිවරුන්ට අමතරව තවත් පිරිස වැඩි කරගැනීමේ උපායක් ලෙස ජාතික ආණ්ඩුවක් සෑදීමට යන්නේ නම් ඒ සඳහා අපි සම්පූර්ණ විරුද්ධයි කියලා කියන්න ඕනේ. දැනට තියෙන ටික තියාගෙන ජනතාවට සේවය කරන්න කියලයි අපි කියන්නේ." යනුවෙන්ද සඳහන් කළා.

මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවේදී වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා නොදුන හොත්, දේශපාලනමය තීන්දුවක්  ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.