Wednesday, May 15, 2024

General line - 0115112241

නාඩු සහ සම්බා සදහා උපරිම සිල්ලර මිලක් එයි




නාඩු සහ සම්බා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අපේ‍්‍රල් මස 1 වනදා සිටයි. ඒ අනුව නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කරනු ඇති. කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාද දැනුවත් කර ඇති බවයි. 

නාඩු වී කිලෝවක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 කට ගොවීන්ගෙන් මිලට ගැනීමටයි තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එකගතාවකට පැමිණ ඇති බවද අමාත්‍ය පී. හැරිසන් කියාසිටියා.