Wednesday, May 15, 2024

General line - 0115112241

යුද සමයේ සිදුවූ වැරදි ගැන සුමන්තිරන් කතා කරයි

දිනසේන රතුගමගේ - වවුනියාව




මෙරට යුද්ධයේදී දෙපාර්ශවය අතින් වැරදි සිදුවී ඇති බව අග‍්‍රාමාත්‍යවරයාම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පවසනවා. ඔහු කියාසිටියේ යුද සමයේ අවසන් කාලයේදී ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශවලින් මෙන්ම එල් ටී ටී ඊ සංවිධානයෙන්ද යුද අපරාධ සිදුවූ බවට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇති බවයි.

මෙවැනි කි‍්‍රයා යුද්ධයකදී කිසිසේත්ම නවතාලිය නොහැකි බව යාපනයේ පැවති සමුළුවක් අමතමින් මන්තී‍්‍රවරයා සදහන් කළා. යුද්ධයේදී දෙපාර්ශවය අතින්ම වැරදි සිදුවී ඇති බව ප‍්‍රකාශ කිරීමට වසර 10 ක් ගත වී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේ.