Friday, May 17, 2024

General line - 0115112241

ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද




දිළිදුකම පිටුදැකිම සඳහා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18) ආරම්භ වනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කරන්නේ ගම්පහ, හේනේගම ප‍්‍රදේශයෙන්. 

ඉකුත් වසරේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමශක්ති සමිතිවලට රුපියල් මිලියන 47 ක් ලබාදී තිබෙනවා. ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 39ක් සහ කළුතර දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 42 ක් වෙන් කෙරුණා.

ඉකුත් වසර තුළ ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා සිදුවී ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ අද පැවැත්වෙන කමිටු රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

විසිතුන් ලක්‍ෂ හතලිස් දහසක් ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 0.9% ක්.

විසිතුන් ලක්‍ෂ හැත්තෑ දෙදහසක් ජීවත් වන ගම්පහ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශයක 2% ක් වනවා.

දොලොස් ලක්‍ෂ අසූ එක් දහසක් ජීවත් වන කළුතර දිස්ත‍්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය සියයට 2.9% ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.