Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ ප්‍රධාන සාකච්ඡාව හදිසියේ කල්දායි

නිශාන් ද සිල්වා/දිල්ශාන් තුෂාර





ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත නව සන්ධානයට අදාළ ප‍්‍රධාන සාකච්ඡා කල්ගොස් තිබෙනවා.

අදාළ සන්ධානය පිළිබඳ අවසන් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ අද (18) දිනයේයි. එහෙත් එය ලබන 22 වැනිදාට කල් දැමූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

මන්තී‍්‍රවරයා සඳහන් කළේ සන්ධානය බිහි කිරීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමට පත් කළ කමිටු දෛනිකව රැස්වන බවයි. එම කමිටු සාමාජිකයින් කළ ඉල්ලීම මත සන්ධානය ගොඩ නැගීමේ ප‍්‍රධාන සාකච්ඡාව කල් දැමූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක කියාසිටියා. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සදහන් කළේ නව සන්ධානයේ නායකත්වය, තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඊයේ ප‍්‍රකාශ කළේ අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙලකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගත යුතු බවයි. පුළුල් ජාතික සන්ධානයකින් තොරව අලුත් ආණ්ඩුවක් බිහිකර ගත නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.