Thursday, May 16, 2024

General line - 0115112241

හොරෙන් ගෙනත් හසු වූ බීඩි කොල කන්ටේනරය ගැන අද අධිකරණයට කරුණු කියයි

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇතැයි කියන බීඩි කොල කන්ටේනරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රේගුව අද (18) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ මෙරටට ආනයනය කර ඇති බව පැවසෙන මෙම කන්ටේනරයේ බීඩි කොල ටොන් 12 ක් පමණ තිබී ඇතැයි සඳහන්. එහි වටිනාකම රුපියල් කෝටි 6 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

මේ හරහා ශී‍්‍ර ලංකා රේගුවට රුපියල් කෝටි 4 කට අධික බදු වංචාවක් සිදුව ඇති බවටද වාර්තා පළ වනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුවන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා රේගුවේ වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය ප‍්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු පිළිබද තවදුරටත් පරීක්‍ෂණ සිදුකළ යුතු බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.

සිද්ධියට සම්බන්ධ බව කියන ප‍්‍රධාන සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප‍්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බවටද මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.