Thursday, May 16, 2024

General line - 0115112241

ජවිපෙත් ජනාධිපතිවරණ අපේක්ෂයෙක් සූදානම් කරයි

දිල්ශාන් තුෂාර




විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණයට සිය පෙරමුණද අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව කියාසිටියා.

එහිදී "අපේ ප්‍රධාන උත්සහය විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මාර්තු 05 වැනිදා දක්වා ආණ්ඩුවට කාලය තියෙනවා. ඒ සඳහා තුනෙන් දෙකක ඡන්දයක් පාර්ලිමේන්තුවේ ලැබෙන්නැත්නම් අනිවාර්යයෙන්ම අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සංවිධාන.. බුද්ධිමතුන්.. එකතු කරගත් පුළුල් පෙරමුණකින් අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙයි" යනුවෙන් සඳහන් කළා.