Wednesday, May 15, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් ගැන තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක්

කසුන් කැළුම්




පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් නොකළ බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ඔහු කියාසිටියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියට පෙරද මැතිව්ස් වෛද්‍ය පරීක්‍ෂණයකට එක්වීමට නියමිත බවයි.

අනතුරුව එම තරගාවලිය සඳහාද ඔහු සහභාගි වනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙනු ඇති.

එළඹෙන ලෝක කුසලානය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් සහභාගි කරවීම අපේක්‍ෂාව බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. ඊයේ (18) නම් කළ ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කී‍්‍රඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර එක්දින කණ්ඩායමේ වෙනස්කම් 8 ක් සිදුකර තිබෙනවා. දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් චානක, සීක්කුගේ ප‍්‍රසන්න, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාරට එක්දින සංචිතයේ සිය ස්ථාන අහිමිවී තිබීම විශේෂත්වයක්.

ඒ වෙනුවට යොවුන් කී‍්‍රඩකයින් වන අවිශ්ක ප‍්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, පි‍්‍රයමාල් පෙරේරා සහ  ඕෂධ ප‍්‍රනාන්දු කැඳවා තිබෙනවා. වසර 2 කට පසු ඇන්ජලෝ පෙරේරාද ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවට තහවුරු කිරීමෙන් පසු අකිල ධනංජයද එක්දින සංචිතයට කැඳවීමටයි තේරීම් කමිටුව තීරණය කළේ. 

තරග 5 කින් සමන්විත ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා පළමු එක්දින කි‍්‍රකට් තරගය ලබන මාර්තු මස 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතයි.