Tuesday, May 21, 2024

General line - 0115112241

ආණමඩුව පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා ගිනි අවියකට බිලි වී තුවාල ලබයි

ජූඩ් සමන්ත




ආණමඩුව පොලීසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා සතුන්ට අටවන ලද ගිනි අවියකට බිලිවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රතිකාර සඳහා ඔහුව ඇතුළත් කෙරුණේ පුත්තලම මූලික රෝහලටයි.

ඊයේ (19) සවස ආණමඩුව - පෙරියකුලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත්තේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේදීයි.

අනතුරට පත්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂක මදුරංග නම්වූ නිලධාරියෙක්.

තුවාල ලබා ඇති උප පොලිස් පරීක්ෂකවරයා සමග තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සිට ඇති නමුත් ඔවුන්ට හානියක් සිදුවී නැහැ.

ගිනි අවිය අටවා ඇත්තේ කව්රුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.