Wednesday, May 22, 2024

General line - 0115112241

උතුරේ ස්මාර්ට් නගරයක් - ආකෘතියකුත් ප්‍රදර්ශනය කරයි

දිනසේන රතුගමගේ




යාපනය තුළ ස්මාර්ට් නගරයක් ඉදි කිරීමට රජය සැලසුම් කොට තිබෙනවා.

මෙම ස්මාර්ට් නගරය ඉදිවන්නේ යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා යාපනයට පැමිණි අවස්ථාවේදී අනාවරණය වී තිබෙනවා.

ස්මාර්ට් නගරයේ ආකෘතියක්ද නිලධාරීන් විසින් සාකච්ඡාවට පැමිණ සිටි පිරිසට ප්‍රදර්ශනය කළ අතර මෙම ස්මාර්ට් නගරය ඉදි කිරීම සඳහා යාපනයේ චෙම්මනි පළාතේ ඉඩම් අක්කර 293 ක් ලබා ගැනීම සඳහා මූලික විමර්ශන කටයුතු ආරම්භ කොට තිබෙනවා.

රුපියල් කෝටි පණහක වියදමකින් මෙම නගරය ඉදි කෙරෙනු ඇති.

යාපනයේ චෙම්මනි පළාතේ ඉදිවන ස්මාර්ට් නගරය තුළ පාසල්, සෞඛ්‍ය, සංස්කෘතික අංශ ඇතුළු සියලුම පහසුකම් උසස් මට්ටමින් පවත්වාගෙන යෑමට සැළසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් සුපිරි මහා මාර්ග පද්ධතියක් ඉදි කිරීමද සිදුවෙයි.

මෙම ස්මාර්ට් නගරය සඳහා යාපනය මහ නගර සභාවේ අනුමැතියද මේ වන විට ලැබී තිබෙනවා.