Wednesday, May 22, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩු යෝජනාව පස්සට ගිය හේතුව පැහැදිළි කරයි

සමන්ත කුමාර




ජාතික ආණ්ඩු යෝජනාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි වාර්තා වනවා. ඉකුත් පෙබරවාරි මස 07 වැනිදා ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ප‍්‍රකාශ කෙරුණ ද සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුව කියා සිටියේ අදාළ යෝජනාව අදින් (20) ආරම්භ වන පාර්ලිමේන්තු සතිය දක්වා කල් දමන බවයි. 

කෙසේවෙතත් මෙම සතියේදී එම යෝජනාව ඉදිරිපත් නොකිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් විමසීමක් කළා

එහිදී ඔහු සඳහන් කළේ "මේ අවස්ථාවේ මෙම යෝජනාව වහාම ගන්නේ නැතුව ඉන්නේ කරුණු කිහිපයක් නිසා. මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය එක්සත් ජාතික පෙරමුණට තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් පිට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ පක්ෂත් එකතු කරන් මේක සම්මත කර ගන්න. ජාතික ආණ්ඩු පිළිබඳ ප්‍රතිපත්තියක් හැටියට මමනම් එකඟ වන්නේ නෑ. නමුත් ආණ්ඩුවේ ස්ථාවරත්වයක් ඇති කරන්න නම් අකමැත්තෙන් හරි මේක කරන්න ඕනේ." යනුවෙනි. 

මේ අතර කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00ට රැස්වීමට නියමිතයි.