Tuesday, May 21, 2024

General line - 0115112241

සුදුසුකම් ඇති අයෙකු වධක තනතුරට අයදුම් කර නොතිබුණහොත් ඊළඟ පියවර මෙන්න

නිශාන් ද සිල්වා




වධක තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිතයි.

එලෙස තෝරා ගනු ලබන පුද්ගලයින් දෙදෙනා මැලේසියාවේ පුහුණුවකට යොමු කෙරෙන බවද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ යම් හෙයකින් සුදුසුකම් ඇති අයෙකු වධක තනතුරට අයදුම් කර නොතිබුණ හොත්, එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක රටකින් ගෙවීමේ පදනම මත පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා එක් කර ගන්නා බවයි. 

වධක තනතුර සඳහා බඳවා ගන්නා ලෙස අමෙරිකානු ජාතිකයෙකු  ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ, ඊමේල් පණිවිඩයක් යොමු කරමින්. කෙසේවෙතත් අමෙරිකාව තුළ එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවන නිසා එම ඉල්ලීම සලකා බැලිය නොහැකි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු පැවසුවා.