Tuesday, May 21, 2024

General line - 0115112241

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය කරන්න පොලිසියට එන්න

සමන්ත කුමාර




ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කෙරෙන යාන්ති‍්‍රක කියත් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව අද (20) සිට මේ මස 28 වැනිදා දක්වා එම ලියාපදිංචි කිරීමේ කටයුතු කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කරුණු පැහැදිළි කළා.

එහිදී "මේ සම්බන්ධයෙන් සියලුම උපදෙස් පොලිස් ස්ථාන වෙත ලබා දීලා තියෙනවා. ලියාපදිංචි කිරීමේ අදාළ අයදුම්පත පොලිස් ස්ථානයෙන් ලබා ගත හැකියි. එය සම්පූර්ණ කර යළි පොලිස් ස්ථානයට ලබාදිය යුතුයි. පසුව එම තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ තිබෙන ලියාපදිංචි කිරීමේ ලේඛනයට එම තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමේ බලපත්‍රයක් පොලිසියෙන් නිකුත් කරනවා. එම අවස්ථාවේදීම ලියාපදිංචි කළ යාන්ත්‍රික කියතේ අදාළ අනුක්‍රමික අංකය සහිත ස්ටිකරයක් ඇළවීමත් සිදු කරනවා. " යනුවෙන් සඳහන් කළා.