Tuesday, May 21, 2024

General line - 0115112241

නීතිපතිවරයා මීලග පක්ෂ නායක රැස්වීමට කැඳවීමේ තීරණයක්

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




පළාත් සභා ඡුන්ද විමසීම පවත්වන ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා මීලග පක්ෂ නායක රැුස්වීමට කැඳවීමට තීරණය වී තිබෙනවා.

 ඒ, අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම රැුස්වීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක‍්‍රමයට ද නැතහොත් නව ක‍්‍රමයට ද යන්න ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි එහිදී සාකච්ඡා වී තිබෙනවා.