Tuesday, May 21, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපතිත් එකඟ වෙයි

ලහිරු කපුගේ/තරංග රුක්ෂාන්




මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කටයුතු සිදු කරමින් ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නෛතිකව එය ස්ථාපිත කරන තුරු අන්තර්පාලක මණ්ඩලයක් පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. මත්ද්‍රව්‍යවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීති රීති ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවති උත්සවයක දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ. 

මේ අතර දරුවන්ගේ ආරක්ෂාව පිළිබද කටයුතු කිරීමට ජාතික අරමුදලක් පිහිටුවන බවද ජනාධිපතිවරයා අද පැවසුවා. ඒ, කොළඹ පැවති ‘‘ දරුවන් සුරකිමු’’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින්. 

දරුවන් වෙනුවෙන් රජය ක‍්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබද තීරණයට තමාද එකග වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.

ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩයිමක් නොවන බවත් එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියලූ දෙනා අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.