Tuesday, May 21, 2024

General line - 0115112241

"ආවට ගියාට කඩුව වනන්න එපා" - නලින් බණ්ඩාර සහ මහින්දානන්ද අතර උණුසුම් සංවාදයක්

පසන් වික්‍රමතිලක




මෙරටට ලැබුණු විදෙස් ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) වාද විවාද පැවැත්වුණා.

ඒ, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වූ නියෝග පිළිබඳ විවාදයේදීයි.

එය අළලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින් දැක්වෙයි. 

මෙම විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර අතර උණුසුම් කතාබහක් ඇති වුණා.

එහිදී,

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා - 'රටේ වත්මන් ජනාධිපතිතුමා කියනවා මේ මාසේ රජයේ සේවකයාගේ පඩිය ගෙවා ගන්න බෑ කියලා. එහෙම රටකට ආයෝජකයෝ එන්නේ නෑ.'

නලීන් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිවරයා - 'දැන් ඔබතුමා ආයෝජකයෝ එයිද කිය කියා කෑ ගහනවා. බැහැයි 2017තේ ඝෘජු විදේශ ආයෝජන තිබුණේ ඩොලර් බිලියන 1.7යි. 2018 මේක 2.37 දක්වා  38.9%න් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබතුමා මේ දත්ත මුකුත් නැතුව නිකං ආවට ගියාට වනලා දාන්න එපා කඩුව.'

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා - 'දැන් නියෝජ්‍ය ඇමතිතුමා කඩුව වනන්නද මං ඔයාට... දැන් ඔබතුමා මට කියන්න ඔය විදේශ ආයෝජන ආපු ව්‍යාපෘති ටික.'

නලීන් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිවරයා - 'ලයිස්තුව මං ගෙනාවේ නෑ....'

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා - 'ආ.. එහෙනං ඔයාගේ කඩුව දාගන්න දැන් බටේ අස්සට.' යනුවෙන් කතාබහ සිදු වුණා.

 

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 10.30ට යළි රැස් වනවා.