Tuesday, May 21, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවක් හදන්න දරණ උත්සහය ගැන මහින්ද බ්‍රිතාන්‍යට පැහැදිළි කරයි




වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දරණ උත්සහය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, බි‍්‍රතාන්‍යයේ සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රී ප‍්‍රාන්සස් ඞී. සෝසා ආදිපාදවරිය ප‍්‍රමුඛ එරට දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි.

එහිදී විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලින් ද ප‍්‍රයෝජනයක් ගත නොහැකි බවයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බවත් ඔහුට සාකච්ඡා කිරීමට බලයක් ඇතත් තීරණ ගැනීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාට බව විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

එහෙත් අමාත්‍යවරයා කාරක සභාවට නොපැමිණෙන බවයි මහින්ද  රාජපක්ෂ මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.