Tuesday, May 7, 2024

General line - 0115112241

ලංකාවට පැමිණි පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දු-පාකිස්තාන ගැටුම නිසා අපහසුතාවයකට

කසුන් කැළුම්




ඉන්දු - පාකිස්තාන ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණ සිටින පාකිස්තාන දෘශ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමටද යළි සිය මවුරට වෙත යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම හෙට (04) දක්වා පාකිස්තානයේ ලාහෝර් වෙත සිදු කරන ගුවන් ගමන් අත්හිටුවා තිබීම හේතුවෙන්. සිය පෞද්ගලික වියදමින් මෙරට තරග සංචාරකට පැමිණි පාකිස්තානු දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට මේ හේතුවෙන් තවත් දින කිහිපයක් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

කී‍්‍රඩකයින් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත 24දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරග සංචාරය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණියා. තවත් අතිරේක දින කිහිපයක් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් ඔවුන්ට නවාතැන් පහසුකම් සඳහා අමතර වියදමක් දැරීමට ද සිදුව තිබෙනවා.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත විස්තර කරමින් සඳහන් කළේ පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණෟඩායමට තරගාවලියක් සඳහා ලංකාවට පැමිණෙන්නැයි සිය සංගමය ආරාධනා කළද මේ වන විට පත්ව ඇති තත්ත්වය වෙනුවෙන් මැදිහත් වෙන්නට සිය සංගමයට ආර්ථික ශක්තියක් නොමැති බවයි. රටක් ලෙස මේ අවස්ථාවේදී පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට විසඳුමක් ලබා දීමට බලධාරීන් මැදිහත්වීමක් කළ යුතු බවද සඳහන් කළා.

පාකිස්තාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම මුහුණපා ඇති මෙම ගැටලූව විසදීමට කී‍්‍රඩා බලධාරීන් හෝ රජය මැදිහත්වනු ඇතැයි ද මෙහිදී විශ්වාසය පළ කෙරුණා.