Saturday, September 21, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන නඩුවක් කල්යයි




පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමක් අද (29) විභාගයට ගැනුණා.

එහිදී නියෝග කෙරුණේ මෙම පෙත්සම නැවත සලකා බැලීම ලබන මස 30 වෙනිදා දක්වා කල් දැමීමටයි.

ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල පළාත් පාලන නියෝජිතයින් පිරිසක් පෙත්සම ගොනුකර තිබෙනවා.

එය විභාගයට ගැනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි.