Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන මිල අද සංශෝධනය නොවෙයි

දිනුක් හේවාවිතාරණ




ලෝක වෙළදපලේ ඉන්ධන මිල ගණන් අනුව සෑම මසකම සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද (11) දිනයේදි සිදු නොවන බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර සිටියි.

සෑම මසකම 10 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය කිරිමක් සිදු කරන අතර ඊයේ (10) සති අන්ත නිවාඩු දිනයක් වු බැවින් නව සංශෝධන මිල ගණන් අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබුණා.

ලෝක වෙළදපලේ බොර තෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව සමාජයේ කතිකාවක් මතුවි තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේ අද මධ්‍යම රාත්‍රීයේදී මිල සශෝධනයක් සිදු නොවනු ඇති බවයි.