Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක දුරකතනය ඔස්සේ මෙහෙයවූ අපරාධකරුවෙක් කොටු




මහරගම පොලිස් වසමේ පන්නිපිටිය අරලිය උයනේදී ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා යතුරුපැදියකින් පැමිණ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (11) පිළියන්දල බෝකුන්දර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම ඝාතනය සිදු කිරීම සඳහා උපයෝගී කර ගත් MM09 බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය, මැගසිනය සහ එම සජීව පතොරම් 06ක්ද සොයාගෙන තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තාරක ධර්මකීර්ති පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක යන අය දුරකථනයෙන් සැකකරුවන් සමග සම්බන්ධ වී මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වූ බ්‍රෑන්කන්වත්ත කිරිවත්තුඩුව පදිංචි විරිත්තමුල්ල ගුරුගේ ගඟන චින්තක නම් අයෙක්.