Friday, May 17, 2024

General line - 0115112241

අද ඡන්ද විමසීමේදී අයවැය පරද්දන්න විපක්ෂය තීරණය කරයි

දිල්ශාන් තුෂාර /පසන් වික්‍රමතිලක




අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (12) පස්වරුවේ පැවැත්වෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉකුත් 05 වැනිදා අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය මේ දක්වා දින 05ක් පැවැත්වුණා.

අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ අදහස් දැක්වමින් සඳහන් කළේ මෙවර අයවැය සම්බන්ධයෙන් විවාද කිරීමට විපක්ෂයට කරුණු පවා නොමැති වී ඇති බවයි. 

මෙවර අයවැයට ඡන්දය ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් අනෙකුත් දේශපාලන පක්ෂවලින් ද විමසීමක් කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා සඳහන් කළේ පැහැදිළිවම අයවැය පරාජය කිරීම සඳහා අයවැයට එරෙහිව විපක්ෂයේ ඡන්දය භාවිතා කිරීමට තීන්දු කර අවසන් බවයි.  

ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේදී අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ. 

දෙමළ ජාතික සන්ධානය අයවැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. අද (12) උදැසන සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රැස්ව අවසන් තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා නෙත් නිව්ස් කළ විමසීමකදී කියා සිටියේ.