Friday, May 17, 2024

General line - 0115112241

කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කිරීම ඉක්මන් කරන්නලු

ලහිරු කපුගේ/දිල්ශාන් තුශාර




කලූතර කැලිඩෝ වෙරළ තීරය සීඝ්‍ර ඛාදනයට ලක්වෙමින් තිබෙන බව ප‍්‍රදේශවාසීන් පවසනවා. ජල ගැලීම් තත්ත්වයන් පැවති සමයේදී කළු ගං මෝය විශාල කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි ඔවුන් පවසන්නේ.  

කලූතර කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට දැන්ම පියවර ගත යුතු බවත් නැතහොත් ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ කැලිඩෝ වෙරළ තීරය සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.