Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රාදේශීය සභා මන්ත්‍රි සහ පොලිස් නිලධාරියා අතර ගුටිබැට හුවමාරුවක්

ජූඩ් සමන්ත




පොලිස් නිලධාරියෙකු විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඊයේ (11)  සවස මාරවිල නගරයේදී මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

පහර කෑමට ලක්ව ඇත්තේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි සිසිල් වික්‍රමසිංහ යි.

ඔහු කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

මාරවිල නගරයේ පිහිටි වෙළද සැළක් ඉදිරිපිට මෝටර් රථයක් ගාල් කිරීමේ සිද්ධියක් පහර දීමට හේතුව වී තිබෙනවා. මුලින්ම දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී තිබෙන අතර පසුව පහරදීමක් සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

පහරදීම සිදු කර ඇති පොලිස් කොස්තාපල්වරයා මාරවිල පොලීසියට අනුයුක්තව එහි රථ වාහන අංශයේ රාජකාරි කටයුතු සිදු කරන නිලධාරියෙක්.

එම නිලධාරියා දින කිහිපයක සිට නොදන්වා රාජකාරියට වාර්තා කර නොමැති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මාරවිල පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවා.