Friday, May 17, 2024

General line - 0115112241

‘‘කැවුමා’’ නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරුගෙන් හෙළිදරව්වක්

හේමන්ත කහවලගේ




මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු බව කියන කැලූම් ඉන්දික සම්පත් නොහොත් ‘‘කැවුමා’’ නමැත්තා නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු විසින් තවත් අනාවරණයක් සිදු කර තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමග මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමෙන් පසු මොහු සිය නිවෙසේ නවාතැන් ගෙන සිටි බවට 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දුන් බවයි නිවෙසේ හිමිකරු පවසා ඇත්තේ.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය කි‍්‍රයාත්මක වී ඇති නමුත්, එම නිවෙසට පොලීසිය නොපැමිණි බව හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් ඉන් දින කිහිපයකට පසු සැකකරුගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු නවාතැන් ගෙන සිටි නිවෙස වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (11) කටයුතු කළා.  ඒ, මාකඳුරේ මදූෂ්ට අයත් නිවෙසක් මොරටුවේ පවතින බවට ලද තොරතුරකට අනුවයි. 

කැලූම් ඉන්දික සම්පත් නොහොත් ‘‘කැවුමා’’ මෙම නිවසේ පහත මාලය කුලියට ගෙන තිබෙනවා. ඒ සඳහා කුලි මුදල් ලබා දී ඇත්තේ මාකඳුරේ මදූෂ් විසින්. සැකකරු එහි හිමිකරුට රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ද ලබා දී තිබෙනවා. මෙම නිවසේ මාසික කුලිය රුපියල් 25,000ක් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම නිවෙස කුලියට ගෙන තිබෙනවා. 

මේ අතර මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතුවල දර්ශන ඇතළත් CD පටයක්, ජංගම දුරකතන 25ක්, සිම්පත් 129ක් සහ ජාතික හැඳුනුම්පත් 16ක්ද කැවුමා නැමැති සැකකරු සතුව තිබූ බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. 

ඊයේ එම නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් තොගයක් ද සොයා ගැනුණා. එම හෙරොයින් ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 177කට වැඩි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ටී 56 උණ්ඩ 3,000ක් සහ පිස්තෝලයක් ඇතුළු අපරාධ සඳහා යොදා ගැනෙන තවත් උපකරණ කිහිපයක් ද එම නිවසේ තිබී සොයා ගැනුණා.