Tuesday, May 14, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු බන්ධනාගාරයට

හේමන්ත කහවලගේ




අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ලබන 18 වැනිදා දක්වායි.

විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අතරතුරදී පොලිසිය විසින් ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

පාර්ලිමේන්තුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරීම ඔහුට එරෙහි චෝදනාවයි. විශ්ව විද්‍යාල සිසුන් මෙලෙස විරෝධතාවක නිරත වුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බල කරමින්. පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමත් සමග ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කළා.