Wednesday, May 15, 2024

General line - 0115112241

ඇගළුම් සේවක පිරිසක් බදුල්ලේ කම්කරු නිලධාරීන් නිවාස අඩස්සියට ගනී

ඩිල්ෂාන් මඩවල




බදුල්ලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් බදුල්ල දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලයට කඩා වැදී එහි නිලධාරීන් නිවාස අඩස්සියට ගෙන තිබෙනවා.

ඒ, තමන්ට නියමිත මාසික වැටුප් මාස දෙකක් තිස්සේ ලබාදී නොමැති බව පවසමින්.

මෙම අකටයුත්ත පිළිබද කම්කරු කාර්යාලයට අවස්ථා කිහිපයකම පැමිණිලි කළද කම්කරු නිලධාරීන් ද තමන්ට සහනයක් ලබානොදුන් බවයි ඔවුන් පවසන්නේ.

සේවක සේවිකාවන් 500 ක් පමණ දෙනා අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරනවා.