Tuesday, May 14, 2024

General line - 0115112241

ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් රජයෙන් ඉල්ලීමක්




හෙටින් (16) ආරම්භ වන ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් සියලූ නිවෙස්වල, විහාරස්ථානවල සහ ආයතනවල ද රථවාහනවල ද හෙට සිට බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය ඉල්ලීමක් කරනවා. ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ලබන 23වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට නියමිතයි. 

ඊට සමගාමීව හෙටින් ආරම්භ වන සතිය ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සතිය පුරා විවිධ ආගමික වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. මෙම සතිය පුරා සෑම දිනකම සවස 06 සිට 06යි 15දක්වා රට පුරා සියලූ විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත්වෙනවා. විහාරස්ථාන කිහිපයක සර්වඥ ධාතූ වන්දනාවන්ද සිදු කිරීමට නියමිතයි. තෝරා ගත් විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ද මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.