2019 අයවැයෙහි අධ්‍යාපන අමාත්‍යාංශයට සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සංශෝධන රහිතව ඡුන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (15) සම්මත වුණා. මේ, ඒ පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක.
අධ්‍යාපනය පුද්ගලීකරණයට උත්සහ දරණ බවට ද මෙම විවාදයේදී ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. චෝදනාව කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධනයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊට ප‍්‍රතිචාර දැක්වුවා.
මෙම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ රට පුරා ගුරු හිගයක් පවතින බවයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊට ද පිළිතුරු ලබා දුන්නා.
අයවැය 03වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ හතරවන දිනය හෙටයි. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයය් සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හෙට විවාදයට ගැනෙනවා.