Friday, May 17, 2024

General line - 0115112241

කොකේන් පරීක්ෂාවකට යන්නැයි රන්ජන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරයෙකුට අභියෝග කරයි

පසන් වික්‍රමතිලක




කොකේන් පරික්‍ෂාවකට පෙනී සිටින්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුට අභියෝග කළා.

ඒ, අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

එහිදී "රන්ජන් රාමනායක කොකේන් ගෙන්වනවා..කොකේන් ගහනවා කියලා..හිතලා මගෙන් ඉස්සෙල්ලාම චෙක් කරන්න.. දෙවනියට චෙක් කරන්න මේ ඉස්සරහා පේලියේ ඉන්න අයගෙන් එක්කෙනෙක්ව."

ඒ ඇතුළු එම විවාදයේ තවත් තොරතුරු අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ 4 වන දිනය වූ ඊයේ විවාදයට ගැණුනේ බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයි. එම වැය ශීර්ෂ සංශෝධන රහිතව ඊයේ සවස පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.