Friday, May 17, 2024

General line - 0115112241

ඕනෑම මැතිවරණයකට තනිව තරග කිරීමේ ශක්තිය ඇති බව පොදුජන පෙරමුණ කියයි

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




ඕනෑම මැතිවරණයකට තනිව තරග කිරීමේ ශක්තියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (16) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.

එහිදී "අපි එකතු වුණේ නැත්නම් ජනාධිපතිවරණයේදී තව ඡන්ද ලක්ෂ 25ක් 30ක් පොදුජන පෙරමුණේ තනි අපේක්ෂකයා ගන්න ඕනේ අනිවාර්යයෙන්." යනුවෙන් සඳහන් කළා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියා.