Thursday, December 26, 2024

General line - 0115112241

ඉන්දීය ගිලන් රථ සේවයේ ප‍්‍රමිතිය ගැන සැකයක් (VIDEO)




ඉන්දීය රජයේ ප‍්‍රදානයක් ලෙස ඊයේ (28) ආරම්භ කෙරුණු හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැක පළ කරනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කොළඹ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම ගිලන් රථවල සේවය සඳහා යොදවා සිටින පිරිස් ඉන්දියාවේ පුහුණුව ලැබූවන් බවයි.

ඔවුන්ගේ සේවාවල ගුණාත්මකභාවය පිළිබඳ තවමත් සහතිකයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබුණේ මෙම ගිලන් රථවල සේවයට ඉන්දියානුවන් යෙදවීමට බවද එහෙත් අවම වශයෙන් ඒවාට ශ‍්‍රී ලාංකිකයින් යෙදවූයේ තමන් ඇතුළු වෘත්තිකයින් කළ බලපෑම් නිසා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී කියා සිටියා.

වෛද්‍ය නලින්ද හේරත් අදහස් දැක්වූ වීඩියෝව පහතින් බලන්න