Monday, May 13, 2024

General line - 0115112241

වල දමා තිබූ හෂීස් තොගයක් මන්නාරමෙන් සොයා ගැනේ

දිනසේන රතුගමගේ - වවුනියාව




මන්නාරම හුනයිස් නගර් ප්‍රදේශයේ වළ දමා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. අදාළ ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරත වූ වයඹ නාවික විධානයට අනුයුක්ත සෙබළුන් පිරිසක් විසින් මෙම හෂීස් තොගය සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක පමණ ප්‍රමාණයක් මෙහිදී සොයාගෙන තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර හෂීස් තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.