Sunday, May 12, 2024

General line - 0115112241

පියවරුන් වෙනුවෙන් 96යේ ලෝක ශූරයින්ගෙන් අපූරු ක්‍රිකට් තරගාවලියක්




පියවරුන්ට පමණක් සහභාගී විය හැකි ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට 96යේ ලෝක ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සූදානම් වනවා. ලබන සිකුරාදා සිට දින 07ක් ප්‍රධාන ක්‍රීඩාංගණ 04ක මෙම තරගාවලිය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කණ්ඩායම් 18ක් තරගවදින මෙම තරගාවලිය නම් කර ඇත්තේ “ මයි ඩෑඞ්, මයි සුපර් ස්ටාර්” නමින්. 96යේ ලෝක ශූර කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් මෙම තරගාවලියේ එක් එක් කණ්ඩායම්වල නායකයින් ලෙස කටයුතු කිරීමට නියමිතයි. ක්‍රීඩකයින් නම් කිරීම පාසල් පදනම් කර ගනිමින් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ග්‍රාමීය පාසල් ඉලක්ක කර ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සමාජ සත්කාරයක් ලෙස මෙම තරගාවලිය සංවිධාන කෙරෙනවා.