Sunday, May 12, 2024

General line - 0115112241

ගෝඨාභය ජනපති අපේක්ෂක කරන්නැයි මහා සංඝරත්නයෙන් මහින්දට යෝජනාවක්

ප්‍රගීත් ජානක / සුනිල් හරිස්චන්ද්‍ර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි වයඹ පළාතේ මහා සංඝරත්නය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයඹ පළාත් අධිකරණ සංඝනායක, පූජ්‍ය රැකව ජිනරතන හිමයන්. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තේරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පළ කළේ මෙවන් අදහසක්.

" කවුරුත් දන්නවා මේ වන විට අපේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි බව මිනිස්සු දන්නවා. ඒ වෙනුවෙනට මිනිස්සු ඉලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව. මහින්ද රාජපක්ෂ කවදත් දුන්නේ මිනිස්සු ඉල්ලපු දේයි " මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 

මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් ජයගත හැක්කේ රාජපක්ෂවරයෙකුට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක අද ප්‍රකාශ කළේ. 

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.