Sunday, May 12, 2024

General line - 0115112241

සංදර්ශන සහ මර්දනය නැති සංවර්ධනයක් ගැන අගමැති කතා කරයි

සමන් විජය බණ්ඩාර




සංදර්ශනවලට හෝ මර්දනයට මූලිකත්වය දී වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවට සංවර්ධනයට මුල්තැන දී ගත වූ වසර කිහිපය තුළ ක්‍රියා කිරීම හේතුවෙන් එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වී ඇති බවයි ඔහු පැවසුවේ. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාවනැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද ආරම්භ වූ “හදවත් යා කරන රන් මාවත්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. 

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන පුද්ගලයෙකුට තම නිවසේ සිට අධිවේගී මාර්ගයක් වෙත පහසුවෙන් ගමන් කිරීමට හැකි වන පරිදි රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. 

ගරා වැටුණු ආර්ථිකයක් භාරගෙන ක්‍රමානුකූලව රට ගොඩනැගු බවත්, එසේ නොකර ආර්ථික අර්බුදය යටපත් කරගෙන සිටියා නම් භාරදීමට ඉතිරි වන්නේ සුණුවිසුනු වී ගිය ආර්ථිකයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.