Sunday, May 12, 2024

General line - 0115112241

ගල් අරක්කු මිලත් වැඩි කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් යෝජනාවක්




අයවැය මඟින් ගල් අරක්කු මිල ද ඉහළ දැමීමට තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කෙසේවෙතත් සෙසු මත්පැන් මිල ඉහළ නැංවීමට අයවැයෙන් ගත් තීරණය පැසසිය යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ, අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්. 

ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්වය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම වර්ණ සංකේත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මෙලෙස පැහැදිලි කළා. 

ඉකුත් 2016 වසරේ සිට පැණි බීම සඳහා ද වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මකයි.