Sunday, May 12, 2024

General line - 0115112241

වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි




අද (18) අලුයම 1.45ට පමණ පුත්තලම කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනව වූ වෑන් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් 04 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.